
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම අද (මැයි 04) සිදුකෙරුණා.
ඒ, දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුවයි.
සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්රවල සහයෝගීතාවය පිළිබඳ වන අවබෝධතා ගිවිසුම්වලට මෙලෙස අත්සන් තබා තිබේ.
මාලදිවයින් ජනපති සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කතාවේදී සඳහන් කර සිටියේ, දිට්වා සමයේ මාලදිවයින දැක්වූ සහයෝගයට නැවත ස්තුතිවන්ත වන බවයි.
එමෙන්ම දෙරටේ මහ කොමසාරිස් කාර්යාල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කර ඇතැයි ද ජනපතිවරයා සඳහන් කර සිටියා.