
වෙළඳපොළෙහි ගෑස් ගැටළුව, පෞද්ගලික අංශය විසින් නිර්මාණය කරන අර්බුදයක් බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
'සිළුමිණ' පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී අමාත්යවරයා පෙන්වා දී ඇත්තේ, ලිට්රො ගෑස් අනෙක් ගෑස්වලට සාපේක්ෂව හිඟයක් නොමැති බවයි.
ප්රශ්නය : ගෑස්වලට මොකක්ද වෙලා තියෙන්නේ, ඇත්තටම අපිට පේනවා වෙළෙඳපොළේ ගෑස් අර්බුදයක් තියෙනවා ?
පිළිතුර :
ඒක පෞද්ගලික අංශය විසින් හදන අර්බුදයක්. ලිට්රො ගෑස් ගත්තොත් අනෙක් ගෑස්වලට සාපේක්ෂව හිඟයක් නෑ. පෞද්ගලික සමාගම හිතාමතාම ගෑස් නිකුත් කිරීම සීමා කරලා තියෙනවා. ඉන්ධනවලට වෙලා තියෙන දේම තමයි මෙතැනත් තියෙන්නේ. මේ වගේ අර්බුදයක් පැනනැඟපු වෙලාවක මේවා කරන්න දෙන්න බෑ. ඒ කියන්නේ පෞද්ගලික ආයෝජකයන් අධෛර්යවත් කරනවා කියන එක නෙමෙයි. අපි පාරිභෝගිකයා දෙස බලන්න ඕනේ.