
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී ගමන් මලු තුළ සඟවාගෙන පැමිණි විදේශීය දුම්වැටි කාටූන් 195ක් ශ්රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරෙදා (22) රාත්රී 10.01ට පමණ AK 47 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි වයස අවුරුදු 38 සහ 41 වන විදේශීකයින් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි වි ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ ශ්රී ලංකා රේගු නිලධාරීන් සහ රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් එක්ව හරිත මාර්ගය (Green Channel) ඔස්සේ පැමිණි මගීන් පරීක්ෂා කිරීමේදී මෙම වැටලීම සිදුකර තිබේ.
ව්යාපාරිකයින් ලෙස සඳහන් වන මෙම දෙදෙනාගේ ගමන් මලු දෙකක් තුළ සඟවා තිබි දුම්වැටි කාටූන් 195ක් හමුවි ඇති අතර, එහි දුම්වැටි 39,000ක් තිබු බව රේගුව පවසනවා.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ දළ වටිනාකම රුපියල් පනස් අට ලක්ෂ පනස් දහසක් (රු. 5,850,000) පමණ වන බව සඳහන්.
අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.