
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්ය බව ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ.
මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.