
හිමිවරුන් විසින් සවිකර තිබූ පුවරු කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට උත්හාහ ගැනීමත් සමග, කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එහිදී සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අසලට පැමිණි විහාර මහාදේවි උද්යාන භාර නිලධාරීන් සත්යග්රහයේ නිතර හිමිවරුන්ට දැනුම්දී ඇත්තේ අදාළ පුවරු ඉවත් කරගන්නා ලෙසයි.
එසේ නැතහොත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසයි.
එසේ නොවන්නේ නම් අදාළ පුවරු ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවනු ඇති බවද ඔවුන් සත්යග්රහයේ නිරත හිමිවරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ.
එහිදී සත්යග්රහ භූමියේ සිටින හිමිවරුන් මීට විරුද්ධ වීමත් සමග දෙපාර්ශ්වය අතර යම් මත ගැටුමක් හටගෙන තිබේ.
කෙසේ වෙතත් මෙහිදී උද්යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් ගලවා දැමීමට පියවර ගෙන තිබුණ ද එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස් ඒවා යළි සවිකිරීමට පියවර ගෙන ඇත.