කලක පටන් කතාබහට ලක්වුණු 'Mother Lanka' චිත්‍රපටය අගෝස්තු 14 වෙනිදා තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා.
'Mother Lanka', ඔබට පිදෙන්නේ අනූෂ එදිරිමුණිගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙසයි.
මෙහි තිර රචනය ක්‍රිෂාන්ති කුලසූරියගේ වන අතර කැමරාකරණය රංග බණ්ඩාර විසිනි.
ඊට තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, බිමල් ජයකොඩි ප්රමුඛ ශෙනුකි දිසල්යා, හේශානි ලියැදිපිට, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, කලන ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, මාදනී මල්වත්ත, හර්ශිකා රත්නායක ආදී රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ ප්‍රමාණයක් රංගනයෙන් දායකව සිටිනවා.
මෙය, ක්‍රීඩාව තේමාකරගත් අපූරු සිනමා සිත්තමක් වන අතර “මව්” සංකල්පය වෙනස්ම වූත් නැවුම් වූත් කතා පුවතකින් රසිකයින්ට සමීප කරවන චිත්‍රපටයක් ලෙසත් දැක්විය හැකියි.
මේ ඔස්සේ ජාත්‍යන්තර ක්‍රීඩිකා සහ මෝස්තර නිරූපණ ශිල්පිනී ශෙනුකි දිසල්යා ද සිනමාවට ප්‍රවිෂ්ට වීම විශේෂයි.