
ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ICC අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, එහි සභාපතිවරයා ලෙස දෙවන ධුර කාලය සඳහා ජේ ෂා (Mr. Jay Shah) නිතරගයෙන් යළි පත් කර ඇති බව නිවේදනය කර තිබේ.
ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නැංවීම සහ වාණිජ සංවර්ධනය සිය උපායමාර්ගික සැලැස්මේ කේන්ද්‍රස්ථානය කර ගනිමින් ක්‍රීඩාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති මොහොතක, මෙම තීරණය මගින් ජේ ෂාගේ නායකත්වය කෙරෙහි අධ්යක්ෂ මණ්ඩලය තුළ ඇති විශ්වාසය පිළිබිඹු වන බව ICC සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සමඟ ක්‍රිකට් ක්‍රීඩාව යළි ඔලිම්පික් වෙත පැමිණීමට සූදානම් වෙමින් සිටින අතර, වැඩි සහභාගීත්වයක් සහ සංවර්ධන මාවත් ලබා දෙමින් තරගාවලි සඳහා පුළුල් දිගුකාලීන වැඩසටහනක් ද මෑතකදී නිවේදනය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම ශක්තිමත් කිරීමට, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනයට සහාය වීමට, ආශ්රිත සාමාජික රටවල් (Associate Members) සඳහා අවස්ථා පුළුල් කිරීමට, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ ක්‍රීඩාවේ දිගුකාලීන අනාගතයට සහාය වීම සඳහා තිරසාර වාණිජ අවස්ථා සංවර්ධනය කිරීමට ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ICC අධ්යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබේ.
යළි සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන්, ජේ ෂා සඳහන් කර තිබුණේ අධ්යක්ෂ මණ්ඩලය තමා කෙරෙහි තබන ලද විශ්වාසය පිළිබඳව කෘතඥ වන බවයි.