
ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදු සංශෝධන මගින් ආර්ථික වර්ධනයක් ඇති කරනවා වෙනුවට ව්‍යාපාරික ක්ෂේත්රය අඩාල කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවනවා.
ඒ, සිය x ගිණුමෙහි සටහනක් තබමින්.
මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
මෙම පියවර ප්රතිසංස්කරණයක් නොවන බවත්, ව්‍යාපාරවලට පැවතීමට නොහැකි වුවහොත් බදු අය කිරීමට කිසිවක් ඉතිරි නොවන බවත් විපක්ෂ නායකවරයා සිය සටහනින් අවධාරණය කර තිබෙනවා.