
ඉකුත් පෙබරවාරි 28 වැනිදා සිට ඉරානය තුළ ක්‍රියාත්මක වන ඇමරිකානු - ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 1,097 දෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය (HRANA) වාර්තා කරයි.
මියගිය පිරිස අතර වයස අවුරුදු 10ට අඩු දරුවන් 181 දෙනෙකු සිටින බව ද සඳහන්.
තුවාල ලැබූ සිවිල් වැසියන් සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙකුම කුඩා දරුවන්ය.
පසුගිය පැය 24 තුළ පමණක් ප්‍රහාර 104ක් එල්ල වී ඇති අතර, ඒවා හමුදා කඳවුරුවලට අමතරව වෛද්‍ය මධ්‍යස්ථාන සහ ජනාකීර්ණ පදිංචි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වී තිබේ.
තවත් මරණ සිය ගණනක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර ඒවා මේ වන විටත් තහවුරු කරගැනීමේ මට්ටමේ පවතින බව සඳහන්.