
අද (27) ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන, තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන නායක සල්මාන් අගා සමත් වුණා.
එහිදී ඔහු තීරණය කළේ, පළමුව පන්දු යැවීමටයි.
ශ්රී ලංකාවට අවසන් මහා තරගයේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වේ.
මේ වනවිට ප්රසාද ලකුණු සටහනේ ශ්රී ලංකාව තෙවන ස්ථානයේ පසුවෙයි.