
තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම, මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ද සමත්කම් දැක්වූවා.
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.
සිම්බාබ්වේ කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මකව තිබුණි.
අවසන් මහා තරගය එළැඹෙන 29වනදා රාවල්පින්ඩිහිදි පැවැත්වේ.