
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගිවන 3වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.
කාසියේ වාසිය දිනා ගනිමින් සිම්බාබ්වේ නායක රාසා පැවසුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146 ලබාගත්තේය.
ඒ අනුව තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 147 ක ඉලක්කයක් හඹා යා යුතු වේ.