
සිම්බාබ්වේ, ශ්රී ලංකා සහ සත්කාරක පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැති තුන්කොන් පන්දුවාර 20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සත්කාරක පාකිස්ථානය අද (29) සමත් වුණා.
ඒ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී අද පැවති අවසන් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06කින් පරාජයට පත් කරමින්.
ලකුණු 115ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය පන්දුවාර 18.4ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 118ක් රැස් කරගනිමින් මෙම තරගය ජය ගත්තා.
එහිදී පන්දුවට පහරදුන් සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 23ක්ද, සයිම් අයුබ් ලකුණු 36ක්ද, නායක සල්මන් ආගා ලකුණු 14ක්ද, බාබර් අසාම් නොදැවී ලකුණු 37*ක්ද, පාකිස්ථානය වෙනුවෙන් රැස් කළා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක කඩුළු 02ක්ද, එෂාන් මාලිංග, වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 114ක් රැස් කරනු ලැබුවා.
එහිදී පන්දුවට පහරදුන් කමිල් මිෂාර ලකුණු 59ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක්ද, පැතුම් නිශ්ශංක ලකුණු 11ක්ද රැස් කළ අතර, කණ්ඩායමේ අනෙකුත් කිසිඳු ක්රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හෝ හැකිවුණේ නැහැ.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන්, මොහොමඩ් නවාස් සහ ෂහීන් ෂා අෆ්රිඩි කඩුළු 03 බැගින්ද, අබ්රාර් අහමඩ් කඩුළු 02ක්ද, සයිම් අයුබ් සහ සල්මන් මිර්සා එක් කඩුල්ල බැගින් දවාගත්තා.