
සෝමාලියානු මගී ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් එරට අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර වන අවස්ථාවේදී මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය පස්දෙනෙකු සහිතව යානයේ 55 දෙනෙකු සිට ඇති නමුත් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.
නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මෙලෙස මගී ජීවිත බේරා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්, ගුවන් සමාගම නියමුවාට විශේෂ ප්රසංශාවක් ද සිදුකර තිබෙනවා.
අදාළ ගුවන් යානය මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික ගැටලුවක් වාර්තා කර ඇති අතර එම අවස්ථාවේ සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්.