දරුවෙක් ඉපදුණු දා පටන්, තමන්ගෙ දරුවන්ගෙ ජීවිත ලස්සන කරන්න දෙමාපියන් වෙහෙසෙනවා.
ඒ කැපකිරීම් දකින දරුවොත්, තමන්ට ඇති හැකි වුණු දවසක දෙමාපියන්ව සතුටින් වගේම සුවෙන් - සනීපෙන් තියන්න හීන දකිනවා.
එහෙම දකින හීන හැමෝටම හැබෑවක් කරගන්න ලැබෙන ඉඩ බොහෝම අඩුයි. මොකද, දරුවො සාර්ථක වෙනකොට ගොඩක් දෙමාපියන් ළඟ නැති වෙන්නත් පුළුවන්.
ඉතින් තමන්ට හැකි, තමන්ට පුළුවන් උපරිමයෙන් අම්මා තාත්තා වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් මේ මොහොතෙ කළ හැකි යමක් වේ ද, එය කරන්න දෙපාරක් හිතන්න එපා.
මේ කතාව කිව්වෙ, අපූරු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණු නිසාවෙන්. ඡායාරූප එකතුව පළකරලා තිබුණෙ ජනප්රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි.
ඇය අපූරු උපන්දින සාදයක් ලෑස්ති කරලා. ඒ වෙනින් කවුරුත් වෙනුවෙන් නෙවෙයි, තමන්ගෙ ආදරණීය අම්මා වෙනුවෙන්.
ඒ සාදයේ සේයා රූ එක්කම, පියුමි කෙටි සටහනකුත් මෙයාකාරයෙන් තියලා තිබුණා....
''අම්මා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. අම්මගෙ නෑදෑයෝ ඔක්කොටම එන්න කියලා මම අම්මට surprise party එකක් ලෑස්ති කරා. අම්මට තෑගි එපා කිව්වා. මගෙ hermis barking bag එකක් ඕනෙ කිව්වා. හරිම කපටියා අම්මා. හිමීට bag එක ගත්තා ගියා.
පුංචි දෙයක් කියන්නම්, යාලුවො කියලා කිසිකෙනෙක් ජීවිතේට ළංකර ගන්න එපා.
අඩුම තරමෙ කපටි මිතුරන් ගෙදරකටවත් ගන්න එපා. පුලුවන් තරම් තනියම ජීවත්වන්න අම්මයි දරුවයි එක්ක.
මේ සසරෙ අපි කවදා හරි තනි වෙනවා. ඉතිං මම දැන්ම ඉඳලා ඒ තනිකමට පුරුදු වෙනවා.
මම මගෙ පුතාටත් එහෙම තමයි කියලා දීලා තියෙන්නෙ. පුතේ හොඳට ඉගනගන්න බැඳීම් ඇති කරගන්න එපා. කාසාද බඳින්නත් එපා ලොකු වෙලා බව් කුක්කො හදාගෙන තනියම ජීවත් වන්න....''