
ගාල්ලට ආසන්න මුහුදේදී "ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" අනතුරට ලක්ව තිබේ.
නෞකාව, ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටියි.
ඒ අනුව එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටියි.