
රියාද් හි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.
සවුදි ආරක්ෂක අමාත්‍යාංශ තහවුරු කිරීම්වලට අනුව, මෙලෙස එල්ලව ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාර දෙකකි.
මෙම ප්‍රහාරයෙන් තානාපති කාර්යාල පරිශ්‍රය තුළ සුළු ගින්නක් හටගෙන ඇති අතර දේපළ හානි සිදුව තිබේ.
පසුගිය සෙනසුරාදා (28) ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු, ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර ඉරානය දිගින් දිගටම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී.
මෙම ප්‍රහාරය එහි තවත් එක් දිගුවකි.
ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, ප්‍රතිප්‍රහාරය ඉක්මනින්ම බලාපොරොත්තු වන ලෙසයි.
ඒ අනුව ඇමරිකාවේ මීළඟ පියවර කුමක්දැයි ලෝකයට ඉක්මනින්ම දැකගත හැකි වනු ඇති බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ.