
කෙන්යාවේ ගිල්ගිල් හි පාසලක (Utumishi Girls Academy) ඇති වූ ගින්නකින්, සිසුන් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුන් නේවාසිකාගාරය තුළ නිදාසිට ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, ගින්නෙන් තවත් සිසුන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ගින්න හටගත් අවස්ථාවේදී ඇතිවූ කලබලය සහ බිය හේතුවෙන් ඇතැම් සිසුන් අවට ප්‍රදේශවලට පලාගොස් ඇති අතර, පොලිසිය සහ සහන කණ්ඩායම් එක්ව ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර තිබේ.
එමෙන්ම ගින්නෙන් බේරීම සඳහා නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් බිමට පැනීම නිසා ද ඇතැම් සිසුන්ගේ අත්පා බිඳී තුවාල සිදුව ඇති බව සඳහන්.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.