
ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෙනසක් සිදුකළ යුතු බැවින්, අභිනවයෙන් පත්කරන ලද කමිටුව 'පරිවර්තනීය කමිටුව' ලෙස හඳුන්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 30) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී ඔහු තමන් 'හිටපු' මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් වන බවත් මෙම ධුරය තුළ දේශපාලනයක් නොමැති බවත් අවධාරණය කර සිටියා.
එමෙන්ම පරිවර්තන කමිටුව තුළ විවිධ දැනුම් සහිත හොඳ කණ්ඩායමක් සිටින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.