
යාපනය - මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවේ තාණ්ඩික්කුලම මුරුගන් කෝවිල අසලදී ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් හදිසියේම ගිණි ගෙන තිබෙනවා. ගින්න හට ගැනීමත් සමගම එය පදවා ගෙන ගිය පුද්ගලයා යතුරු පැදිය අතහැර බිමට පැන දිවි ගලවා ගෙන ඇති අතර ඔහුගේ ඇදුම් වලටද ගිණි ඇවිලී ඇත. මාර්ගයේ සිටි තරුණයින් පිරිසක් තරුණයාගේ ඇදුම් ඉවත් කොට ඔහුව ගින්නෙන් බේරා ගෙන යතුරු පැදියේ ගින්නද නිවා දමා තිබෙනා. යතුරු පැදිය ගිණි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනිමට නොහැකි වී ඇත. වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.