
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් අතර සඟවා මෙරටට රැගෙන එන ලද වියලි ඉඟුරු තොගයක් හා තවත් කහ තොගයක් ශ්රි ලංකා රේගුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (29) මෙ රටට ආනයනය කරන ලද භාණ්ඩ තොගයක් ස්කෑන් (Scan images) පරීක්ෂාවේදී ඇතිවූ සැකය මත RCT රේගු පරීක්ෂණ අංගනයට රැගෙන විත් පරීක්ෂාවට ලක් කළා. එහිදි එම භාණ්ඩ අතර මෙ රටට ආනයනය කිරීම තහනම් කොට ඇති ඉඟුරු හා කහ තොගයක් ඇති බව හඳුනා ගැනුනා. එහි වියලි ඉඟුරු කිලෝ ග්රෑම් 3100,කහ කුඩු කිලෝ ග්රෑම් 360 ක් හා කහ කැබලි කිලෝග්රෑම් 240 ක ප්රමාණයක් තිබු බව රේගු නිවාරන අංශය සඳහන් කළා. කොළඹ 11 පිහිටි ව්යාපාරික ආයතනයක් මෙම භාණ්ඩ ආනයනය කර ඇති අතර රේගු නිවාරණ අංශය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ අතර ඊයේ (29) දින ශ්රී ලංකා රේගුවේ ආදායම් කාර්ය සාධක බලකායේ (මෙහෙයුම්) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කහ තොගයක් සොයා ගනු ලැබුවා. මෙහිදි කහ කුඩු කිලෝ ග්රෑම් 2,580 ක් සහ වියළි කහ කැබලි කිලෝ ග්රෑම් 3,950 ක් රේගු භාරයට ගත් බව සඳහන්.