
පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වී සිටි යාපනය කොකුවිල් විද්‍යාලයේ අපොස උසස් පෙළ ගණිත අංශයේ සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මොහු පරිගණක ක්‍රීඩාවට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන්ද ඥාතීන්ද ගුරුවරුන්ද අවස්ථා ගණනාවකදී ඔහුට අවවාද කොට ඇත. මියගිය සිසුවා යාපනයේ තෙලිප්පලෙයි වීමන්කාමම් ගම්මානයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු වන අතර ඊයේ (29) ඔහු ගෙළ වැළලාගෙන මියගොස් ඇත්තේද පරිගණක ක්‍රීඩාවට අදාල විශේෂිත ඇදුමකින් සැරසී බව තෙලිප්පලෙයි පොලීසිය ප්‍රකාශ කළා. මියගිය සිසුවා හැරෙන්නට ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හතර දෙනාම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් බවත් පොලීසිය සඳහන් කළා. මියගිය අයගේ මෘත ශරීරය පරීක්ෂණ කටයුතු පිණිස තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇති පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. සාමාන්‍යයෙන් පරිගණක ක්‍රීඩා වල යම් මට්ටමකට පැමිණි පසුව ඔහුට ඉටු කිරීම පිණිස යම් අභියෝගයන් බාර කෙරෙන අතර ඒවා ඉටු කිරීමට නොහැකි සිසුන් බියට පත්ව මෙලෙස සිය දිවි හානි කර ගන්නා තත්වයට පත්වන ආකාරයක් දක්නට ලැබෙනවා. ගත වූ වසර හතරක කාලයේදී යාපනයේ මේ අන්දමට සිසුන් 7 දෙනෙකු පරිගණක ක්‍රීඩාව නිසා සිය දිවි හානි කරගෙන ඇති බව සංඛ්‍යා ලේඛන අනුව පෙනි යනවා.