ලෝක ප්‍රකට රංගන ශිල්පියෙකු වූ ටෙරන්ස් ස්ටෑම්ප් (Terence Stamp) මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87ක්.
1960 වසරේ දී සිය රංගන දිවිය ආරම්භ කළ ටෙරන්ස් ස්ටෑම්ප් වඩාත් ජනප්‍රිය වූයේ, 'සුපර්මෑන්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ චරිතය නිසාවෙනි.
ටෙරන්ස් ස්ටෑම්ප් සිනමා ලොවට පිවිසීමත් සමඟම, සිය පළමු චිත්‍රපටය තුළින්ම ඔස්කාර් සම්මාන නිර්දේශිතයින් අතරට පත්වීම විශේෂය.
රංගන ජීවිතය තුළ ඔහු වඩාත් ප්‍රකට වූයේ දුෂ්ට චරිත නිසාවෙනි.
‘සුපර්මෑන්’ චිත්‍රපටයේ ජෙනරල් සොඩ් (General Zod), ‘Far From the Madding Crowd’ චිත්‍රපටයේ 'සැරයන් ට්‍රෝයි' වැනි චරිත ඒ අතර ප්‍රධානය.
ටෙරන්ස් ස්ටෑම්ප් සිය රංගන භූමිකාව තුළ විවිධත්වය විදහා දැක්වූ අපූරු රංගන ශිල්පියෙකි.
ඔහු ‘The Adventures of Priscilla, Queen of the Desert’ චිත්‍රපටයේ බර්නාඩෙට් බසෙන්ජර් (Bernadette Bassenger) නම් සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ චරිතයක් නිරූපණය කිරීම ඉන් විශේෂය.
ඒ වෙනුවෙන් ඔහු 'ගෝල්ඩන් ග්ලෝබ්' සම්මාන නිර්දේශයක් ද දිනාගන්නා ලදී.