
බහුල වශයෙන් තමන් ලිංගික ශ්රමිකයෙකු ලෙස හදුන්වාදෙමින් අන්තර්ජාලය හරහා ලිංගික සේවා සැපයීම වෙනුවෙන් මුදල් ලබාගෙන වංචාකරනු ලැබූ සිද්ධීන් පිළිබඳව වාර්තා වන බවත් ප්රධාන වශයෙන් මේ සඳහා ජංගම දුරකථන යෙදවුම් (App) මගින් හෝ Facebook, WhatsApp, Telegram වැනි සමාජ මාධ්ය ජාලා ගිණුම්/සමූහ භාවිත කර ඇති බව පෙනී යන බව ශ්රී ලංකා පොලීසිය පවසනවා.
'Sri Lanka Police' නිල ෆේස්බුක් පිටුව මඟින් ද මේ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබේ.
අනාවරණය වූ තොරතුරු අනුව මෙම වංචනික ක්රියාදාමයේ නිරතවන්නන් විසින් කෙටි කාලයක් හෝ දිගුකාලයක් ආකර්ශනීය අයුරින් පණිවුඩ යොමුකිරීම මගින් රැවටීමට ලක්වූ පුද්ගලයින්ගේ විස්වාසය දිනාගෙන ඇති බව එහි සඳහන්.
හමුවිය හැකි ස්ථාන පිළිබඳව සඳහන් කරමින් සහ නිරුවත් දර්ශන යොමුකරමින් දිගුකාලයක් මිත්රත්වය තහවුරුගැනීමෙන් අනතුරුව ණය මුදල් ඉල්ලීම්, නිරුවත් දර්ශන සඳහා මුදල් ඉල්ලීම්, සුහඳතාවය මත මුදල් ඉල්ලීම්, හදිසි ආපදාවකට ලක්වී ඇති බව සඳහන් කරමින් නැවත ගෙවන පොරොන්දුව මත මුදල් ඉල්ලා ලබාගැනීම් සිදුකර ඇති අතර මුදල් ලබාගත් පසු නැවත කිසිදු ප්රතිචාරයක් නොදැක්වීම හෝ අඛන්ඩව මුදල් ඉල්ලීම් සිදුකිරීම, අතිශය පුද්ගලික තොරතුරු, ඡායාරූප සමාජගතකිරීම සිදුකරන බව පවසා තර්ජනය කිරීම් වාර්තා වන බව පොලීසිය පවසයි.
එබැවින් මෙවැනි ව්යාජ සබඳතා සඳහා යොමුවූ සැලකිය යුතු පිරිසක් මේ වන විට දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති බව ද වාර්තා වේ.
(1) පණිවිඩවලට පිළිතුරු නොලැබීම, ප්රතික්ෂේප වීමෙන් ලැබූ සිත් වේදනා හෝ වෙනත් අය සමඟ තමන් සංසන්දනය කිරීම නිසා කලකිරීම හා ආත්මවිශ්වාසය අඩු වීම.
(2) පෞද්ගලික ඡායාරූප, දුරකථන අංකය, නිවසේ ලිපිනය හෝ වෙනත් සංවේදී තොරතුරු වැරදි පුද්ගලයන් අතට පත්වීම
(3) අධ්යාපනය, රැකියාව, නින්ද සහ සැබෑ සමාජ සබඳතා කෙරෙහි ඇති අවධානය අවම වීම
(4) මුදල් අහිමිවීමෙන් මූල්ය ගැටළු, ණය බරින් යුක්ත වීම
මෙවැනි ව්යාජ සබඳතාවලට යොමවූ වංචාවට ලක්වූවන් තුලින් හදුනාගත් ගැටළු අතරින් කිහිපයක් බව පොලීසිය පෙන්වාදෙයි.
අන්තර්ජාලය තුලින් අයෙකු හමුවී සමීප සබඳතාවයක් දක්වා එම සුහඳතාවය ගොඩනැගෙන බව යම් පුද්ගලයෙකුට හැගේ නම් සිහිනුවණින් යුතුව කටයුතු කිරීම මගින් ඇයගේ හෝ ඔහුගේ අවංක භාවය පිළිබඳ පැති ගණනාවක් ඔස්සේ තහවුරු කරගැනීම සිදුකළ යුතු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(1) නාදුනන පුද්ගලයෙකුට කිසිසේත්ම මුදල්, බැංකු තොරතුරු, OTP හෝ මුරපද ලබා නොදිය යුතුය.
(2) ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ සංවේදී ඡායාරූප ලබානොදිය යුතුය.
(3) නාදුනන අයවළුන් හමුවන්නේනම් ජනාකීර්ණ පොදු ස්ථානයක් තෝරගෙන, විශ්වාසවන්ත අයෙකුට හමුවීම පිළිබඳව දැනුම් දෙන්න, හදිසි ප්රවාහන පහසුකම් තබාගත යුතුය.
(4) විශාල ණය මුදලක් හෝ සුළු වශයෙන් ණය මුදල් නිතර ඉල්ලා සිටන්නේනම් නොසලකා හැරීම සුදුසු වේ.
නිරුවත් දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම් මත සහ ආදරබර දෙබස් රසවිදීමට ඇබ්බැහිවීම මත වටිනා කාලය සහ මුදල් අහිමිකර නොගතයුතු බවත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව සහ මූල්ය සාක්ෂරතාවය ඔහු හෝ ඇය විසින් සබඳතාවයන් පිළිබඳව ගන්නා නිවැරදි තීරණ මතද රඳා පවතින බැවින් නූතන තාක්ෂණික ලෝකය තුළ සමාජ ඇසුර සම්බන්ධව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් පොලීසිය අවධාරණය කර සිටියි.