
හෝමූස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමා කිරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය කනස්සල්ල පළ කර තිබේ.
මහලේකම්වරයාගේ ප්‍රකාශක (Stephnne Dujarric), සඳහන් කරනුයේ ජාත්‍යන්තර නාවික අයිතිවාසිකම් සහ නාවික ගමනාගමනයේ නිදහස සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන ලෙස මහලේකම්වරයා ඉල්ලා සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, හෝමූස් හි පසුගිය පැය 48 තුළ සිදුවූ නාවික සිදුවීම් පිළිබඳව මහලේකම්වරයා අවධානයෙන් පසුවන බවත් එහි නාවික නිදහසට සියලු පාර්ශවයන් ගරු කළ යුතු බවයි.
සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම හෝ සිවිල් ජනතාවට හිතාමතාම පීඩා පමුණුවන කිසිදු මිලිටරි අරමුණක් යුක්ති සහගත කළ නොහැකි බවට වන එක්සත් ජාතීන්ගේ ස්ථාවරය ද මෙහිදී යළි අවධාරණය කර තිබේ.