
හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ වාණිජ නෞකා දෙකකට අද (18) දිනයේ දී වෙඩි ප්‍රහාර එල්ලව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
නාවික ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත බවට ජනාධිපති ට්‍රම්ප් සහ ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණ.
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාව දිගටම පවත්වාගෙන යාම හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය දැන් නැවතත් "පෙර පැවති තත්ත්වයට" පත් කර ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය අද නිවේදනය කරන ලදී.