
ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක7.4ක භූචලනත් සමග පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ හොකයිඩෝ සහ ඉවාට් ප්‍රාන්තවල පැසිෆික් වෙරළ තීරයට මීටර් 03ක් දක්වා සුනාමි රළ ළඟා විය හැකි බවය.