
සිවිල් වැසියන් ඉලක්ක කරගත්, ලෙබනනය පුරා ඊශ්‍රායලය විසින් සිදු කළ දැවැන්ත ප්‍රහාර හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
ඊයේ දින (අප්‍රේල් 08) සිදු වූ ප්‍රහාර හේතුවෙන් දරුවන් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනක් මිය යාම සහ තුවාල ලැබීම පිළිබඳව තමන් දැඩි කනස්සල්ල පළ කරන බවත් මහලේකම්වරයා නිවේදනය කර තිබේ.
ලෙබනනයේ ක්‍රියාත්මක වන මෙම අඛණ්ඩ හමුදා මෙහෙයුම් හේතුවෙන්, ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ වහාම එදිරිවාදිකම් නතර කරන ලෙසයි.
එමෙන්ම ගැටුම සඳහා කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවත්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මඟින් පමණක් සාමය උදා කරගත හැකි බවත් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.