
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට නුදුරින් සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
අනතුර සිදුව ඇත්තේ, ජකර්තා හි මගී ප්‍රවාහන දුම්රියක් (Commuter train) සහ දිගු දුර ධාවනය වන දුම්රියක් (Long-distance train) එකිනෙක ගැටීමෙනි.
සුන්බුන් අතර සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවකයින් තවදුරටත් දැඩි උත්සාහයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දුම්රිය මැදිරිවලට සිදුව ඇති දැඩි හානිය සහ පවතින සීමිත ඉඩකඩ හේතුවෙන් මෙම මෙහෙයුම් අතිශය දුෂ්කර වී ඇත.