
අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි, ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.