
කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංගමයේ වත්මන් සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක, එම සංගමයේ ලේකම් හා භාණ්ඩාගාරික යන අය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව හා අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තවදුරටත් බලයේ රැඳී සිටීමට කරනු ලබන උත්සාහය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමන් වෙත පැමිනිලි කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව අනුව එකම නීතිඥවරයකු ට ප්‍රාදේශීය නීතිඥ සංගම් ද්විත්වයක සාමාජිකත්වය දැරිය නොහකි අතර එය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවේ ද දක්වා ඇත. ඒ අනුව එම සංගමයේ සාමාජිකයකුට වෙනත් ප්‍රාදේශීය අධිකරණ නීතිඥ සංගමයක සාමාජිකත්වය දරිය නොහැක. එවන් තත්වයක් තුල තමන්ට හිතවත් වෙනත් ප්‍රාදේශීය සංගම් වල සාමාජිකයන් හට ද කොලඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ විධායක කමිටු අනුමැතියකින් තොරව ජන්ද බලය සහිත සාමජිකත්වය ලබාදී ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් ජන්ද පදනම වැඩිකර ගැනීමට වර්තමාන සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිළධාරීන් උත්සාහ කරමින් සිටින බව එකී පැමිනිල්ලෙන් දක්වා තිබෙනවා. මාසික අයවැය වාර්තා ඉදිරිපත් නොකිරීම,සංගමයේ මුදල් අත්තනෝමතික ලෙස සාමාජිකයන් ගේ සුභසිද්ධිය සදහා නොයොදවමින් භාවිතා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද එකී පැමිනිල්ලෙන් වැඩිදුරටත් පැමිනිලි කොට ඇත. මෙවැනි තත්වයක් මත අපක්ෂපාති නිළවරණයක් සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීමක් අපේක්ෂා කරනු ලබන බව එකී පැමිනිල්ලේ වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ නිලවරණය සඳහා වන නාමයෝජනා භාර ගැනීම 12 වනදා පැවැත්වෙන අතර නිලවරණය පෙබරවාරි 19 දින පැවැත්වීමට නියමිතයි.