
ගිනි අවි දෙකක් සහ පතරොම් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) දින ගල්කිස්ස පොලිස් වසමේ බී ගුණවර්ධන පාර ප්රදේශයේදී පොලිස් වශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකරනු ලැබුවා. මෙහිදි විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, T56 පතරොම් ගැබක්, T56 ජීව පතරොම් 30 ක් අත්අඩංඅගුවට ගැනිමට හැකිවු බව පොලිසිය පවසනවා. අත්අඩංඅගුවට ගත් සැකකරු අවුරුදු 18 ක් වන ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි. ගිනි අවි සමඟ සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති. අතර ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.