
දකුණු සහ මධ්‍යම ආසියාව සඳහාවන අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා මාර්තු 19වැනිදා සිට 24වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරයක නිරත වන අතර, ඔහු ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ඉහළ මට්ටමේ කටයුතු සඳහා සහභාගී වනු ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ශ්‍රී ලංකාවේ සිටියදී, විශේෂ නියෝජිත ගෝර් මහතා, මෙරට ප්‍රධාන පෙළේ නායකයින් හමුවී එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ වැදගත්කම නැවත තහවුරු කිරීමට සහ ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.
විශේෂ නියෝජිත ගෝර් මහතා ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙන සාකච්ඡා මගින් වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ වරායන් සුරක්ෂිත කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙනයෑමට එක්සත් ජනපදය දරන උත්සාහයන්ට තවදුරටත් සහාය වනු ඇත.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ඇති කල් පවතින හවුල්කාරිත්වයන් සහ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා එහි හවුල් කැපවීම අගය කරන බවයි.