
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අභිබවා හයවැනි ස්ථානයට පැමිණීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව, ඇෆ්ගනිස්ථානය සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මෙම ඉදිරියට පැමිණීමට පසුගිය කාලයේ ඔවුන් දැක්වූ සුවිශේෂී දක්ෂතා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්.