
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගිය දිනයේ සිට
ඒකාබද්ධ විපක්ෂය බර කරට ගෙන ක්‍රියා කළේ මහාචාර්ය ජී.එල්. පීරිස්
මහතායි.... ඔහු පසුගිය සතියේ යාපන සංචාරයක නිරත විය...... එය ලොකු
ප්‍රතිචාරයක් ලැබුණු සංචාරයක් විය.....එහිදී තම නිවසට එන්නැයි හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ගෙන් ජී.එල්. පිරීස් මහතාට ආරාධනයක්
ලැබිණා ....එහි මූලික අරමුණක් වූයේ ඔහුගේ පක්ෂයේ නායකයන් හමුවීමයි.
පක්ෂයේ සභාපති සී.කේ.වී ශිවඥානම්,පක්ෂ මහලේකම් එම්.ඒ සුමන්තිරන්
ඇතුළු නායකයෝ ඊට සහභාගී වි සිටියා.
එම සාකච්ඡාවේ මූලික හරය වූයේ ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය
පවත්වා ගැනීමයි... එය උතුරේ ජනතාව ඉතා ඕනෑකමින් කරන ඉල්ලීමක් විය.
ඒ ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා උතුර සහ නැගෙනහිර මෙන්ම දකුණේ සියලුම
ප්‍රදේශ එක්ව කටයුතු කිරීමට එහිදී තීරණය වි තිබෙනවා.
පළාත් සභා වැඩකටයුතු වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා.....
ඒ මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා අද තනි තීරණ ගන්නේ
ආණ්ඩුකාරවරයා.
ආණ්ඩුකාරයා කියන්නේ ජනාධිපතිගේ නියෝජිතයා.....
එතකොට එහි කිසිම ප්රජාතන්ත්රවාදයක් නැහැ.....
ජැෆ්නා මොනිටරින් කර්තෘ අරුනිලියම් මහලිංගම් මෙම සංචාරයේදී ජී.එල්.
පීරිස් මහතාට රාත්‍රී භෝජනයක් පිරිනැමු අතර එයට යාපන විශ්වවිද්‍යාලයේ
මහාචාර්යවරු,කථිකාචාර්යරු ඊට සහභාගීවි සිටියා.
දකුණේ සිවිල් සංවිධාන සමග සම්බන්ධ වීමට අවශ්‍ය බව ඔවුහු එහිදී පෙන්වා
දුන්නා.
උතුරේ සහ දකුණේ තරුණ පිරිස් යා කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් අවශ්‍ය
බව ඔවුන්ගේ මතයයි.
මෙහිදී ජී.එල්. පීරිස් මහතා දැනුම් දුන්නේ කොළඹ සිවිල් සංවිධාන සමඟ ද
සාකච්ඡා කර මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන බවයි.
මේ යාපන සංචාරයේදී ජී.එල්. පීරිස් මහතා තවත් විශේෂ හමුවකට සහභාගී
වුණා.
ඒ යාපන රදගුරු ආචාර්ය බර්නාඩ් ඤානප්‍රගාසම් හමුවයි.
යාපන රදගුරු නිවසේදී ඒ හමුව පැවැති අතර ජී.එල්.පීරිස් මහතා ලියූ ලංකාවේ
සාම ක්‍රියාවලිය ග්‍රන්ථය එහිදී රදගුරු හිමිපාණන්ට ප්රදානය කරනු ලැබුවා.