
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම - දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතිරුවේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථ වාහන ධාවනය එක් මංතිරුවකට සීමා කොට තිබෙනවා. අද (01) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොධංගොඩ අතර කිලෝමීටර් 17 හා 19 සහ 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් සිදු කෙරෙමින් පවතිනවා. මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇත. මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථවාහන තද බදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.