
Update :
විමල් වීරවංශ අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කරයි - කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (25) තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා, අද කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවට, හිටපු අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කර තිබෙනවා.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් NewsCenter.lk තලංගම පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ තවම අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවයි.
