
අටමස්ථානාධිපති හිමි විසින් සිදු කළා යැයි සැක කෙරෙන බරපතල ලිංගික අපයෝජන නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි දැරියගේ මව අතුරුදන්ව සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් NewsCenter.lk අප කළ විමසීමකදී, මැදවච්චිය පොලිසිය සඳහන් කළේ ඇය අතුරුදන් බවට ඊයේ දින පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
කෙසේ නමුත් මේ වන විට ඇය නිවසට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.