
බෙන්තර සංචාරක කලාපයේ සංචාරකයින් හට විනෝදාස්වාදය ලබා දීම සඳහා ගුවනින් ගමන් ගත් පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් ගත් අරාබි කාන්තාවක් මියගොස් ඇතැයි බෙන්තර පොලිසිය පවසනවා.
අද (29) සවස 4.30ට පමණ බෙන්තර පොලිස් වසමේ වෙරළ පාර, බෙන්තොට ලිපිනයේ පිහිටා ඇති ජනාධිපති නිවාඩු නිකේතනය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී තිබේ.
පුද්ගලික ආයතනයකට අයත් මෙම යන්ත්රය ගුවනේ පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස මුහුදට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් අනතුරින් නියමුවා බේරී ඇති අතර දියේ ගිලී අතුරුදන් වූ කාන්තාවගේ මළ සිරුර බෙන්තර ප්රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.