
වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. තම ඇපෑල අභියාචනාධිකරණයට යොමු කරන්නයි ඉල්ලමින් අදාළ ඇපෑල බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ චමින්ද විජේසිරි, සිය අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලමින් ඇප අයදුම්පතක්ද අභියාචනය සමගම ඉදිරිපත් කර ඇත. අයුතු අන්දමින් මාර්ගය අවහිර කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ චමින්ද විජේසිරිට අඟහරුවාදා (ජූලි 28) බදුල්ල මහාධිකරණය අධිකරණය වසර එක හමාරක සිරදඬුවම් නියම කළා. ඊට එරෙහිව, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් චමින්ද විජේසිරිගේ අභියාචනය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.