
ශ්‍රී ලංකාවේ පිහිටි BCAS විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානිය පිහිටි Goldsmith අධ්‍යාපන එකඟතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් Andrew Patrick මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් සිදුවිය .
මෙම අවස්ථාවට එක්වෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරි වසර තිහ තුළ කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛතම ස්ථානයක් ශ්‍රී ලංකාව හිමි කරගන්නා බවත් එය ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂිකයින් අවසා ඇති බවත්ය.
එවැනි පසුබිමක් තුළ ගෝලීය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට වැදගත් බව පැවසූ ඒ මහතා මේ එළඹෙන ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් හිමිවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙම අවස්ථාව සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Goldsmiths හි වැඩබලන උප කුලපති මහාචාර්ය David Oswell මහතා, BCAS කැම්පස් හි සභාපති Rajendra Theagarajah මහතා,BCAS කැම්පස් හි උප කුලපති මහාචාර්ය Ruvan Abeysekara මහතා සහ BCAS කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී Teresh Amaratunga මහතා ඇතුළු ඉහළ කළමණාකාරීත්වයේ විශාල පිරිසක් එක්විය.