
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ වැවිලි සමාගමක් වන සිලොන් ග්රීන් ලයිෆ් පලාන්ටේශන් ආයතනය පිළිබඳව මේ වන වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්වී තිබෙනවා.
එයට ප්රධානම හේතුව වී තිබෙන්නේ ශ්රී ලංකා මහා බැංකුවේ මූල්ය නොවන බැංකු ඒකකය මගින් සිදු කරනු ලබන වැවිලි සමාගම් සම්බන්ධ අධීක්ෂණයකට අදාළවයි.
දැනට ලියාපදිංචිලත් ප්රධාන පෙළේ වැවිලි සමාගම් 18 ක් පිළිබඳව මෙම විමර්ශන කටයුතු සිදු කරන අතර එම විමර්ශන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ගිණුම් අත්හිටුවීමක් පසුගිය දිනවල සිදුකර ඇති අතර එම අත්හිටුවීම බලාත්මක කර ගැනීමට නීති අවසරය අවශ්ය බැවින් ඒ සඳහා අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය නිසා පාරිභෝගික ජනතාවට සිය ප්රතිලාභ ලබා ගැනීමට අසීරු තත්වයක් උදාවී ඇති අතර ගොවි ජනතාවද ඒ ඒ මගින් දැඩි අසීරුතාවයට පත් වී ඇත.
මෙම තත්ත්වය හමුවේ යම්කිසි පිරිසක් මහජන කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් සමාජ මාධ්ය තුළ හා whtsup සමූහයන් නිර්මාණය කර ගනිමින් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවත් හුදෙක් ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේ පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම බවත් CGLP ආයතනයේ නීති අංශය මගින් වැඩිදුරටත් ප්රකාශ කළා.
මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා ඇති කර ඇති අතර සමාගමේ සභාපතිවරයාට හෝ සමාගමකට කිසිදු ව්යාපාරික තහනමක් පනවා නොමැති පසුබිමක් තුළ යම්කිසි කණ්ඩායමක් මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරීමට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
එසේම එවැනි සාවද්ය තොරතුරු මත කලබල නොවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටින අතර ගරු අධිකරණයේ සාධනීය තීරණය මත සියලු පාරිභෝගිකයන්ගේ ප්රතිලාභ සුරක්ෂිතව ඔවුන් වෙත ලබාදීමට ආයතනය ගිවිසුමට ප්රකාරව බලාපොරොත්තු වන බවත් ,ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට වෙනුවෙන් නිරතුරුව කැපවෙන බවත් CGLP ඉහළ කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කළා.