
ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් Prime ගෙනයන වැඩපිළිවෙළට ඕස්ට්රේලියාවෙන් විශේෂ ඇගයීමක් ලැබී තිබෙනවා.
ඒ, ඔස්ට්රේලියා ශ්රී ලංකා ව්යාපාරික සභාව (Australia Sri Lanka Business Council – ASLBC) විසින් සංවිධානය කළ Honor Roll & Business Awards 2026 සම්මාන උළෙලේදීයි.
පසුගිය ඔක්තෝබර් 5 වනදා Melbourne හි Pullman Melbourne on the Park හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී, ශ්රී ලංකාවට සැලකිය යුතු විදේශ සෘජු ආයෝජන (FDI) ගෙන ඒම සඳහා දේපළ වෙළෙඳපොළ හරහා Prime සිදුකරන මෙහෙවර විශේෂයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.
ඒ කියන්නේ, ශ්රී ලංකාවේ property එකක් විකුණන එකෙන් එහා ගිහින්, ශ්රී ලංකාව ආයෝජනය කළ හැකි ගමනාන්තයක් ලෙස ලෝකයට ගෙනයන වැඩේ Prime කරගෙන යන බවට ලැබුණු ජාත්යන්තර recognition එකක්. විශේෂයෙන්ම විදෙස්ගත ශ්රී ලාංකිකයන් මෙන්ම Australia, UK, Canada, USA, GCC ඇතුළු රටවල ජාත්යන්තර ආයෝජකයන් ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරමින් Prime ගෙනයන ජාත්යන්තර වැඩපිළිවෙළත් මේ ඇගයීමේදී අවධානයට ලක්ව තිබෙනවා.
මේ ජාත්යන්තර ගමනේ මෑතකාලීන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස Prime Marina 1 සහ Prime Marina 2 හඳුන්වාදිය හැකියි. Port City Colombo තුළ ජාත්යන්තර මට්ටමේ waterfront real estate අවස්ථා ඉදිරිපත් කරමින්, ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳපොළට ගෝලීය වේදිකාවේ තරග කළ හැකි හැකියාව මෙම ව්යාපෘති හරහාද ප්රදර්ශනය කර තිබෙනවා. දශක තුනකට වැඩි කාලයක් ශ්රී ලංකාවේ දේපළ ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින Prime , මේ වනවිට සිය ජාත්යන්තර මෙහෙයුම්ද පුළුල් කරමින් ශ්රී ලංකාවේ දේපළ අවස්ථා ලෝකයට ගෙන යමින් සිටිනවා.
මේ recognition එක ලැබෙන්නේත් Prime සිය “Sri Lankan real estate to the world” ගමන තවදුරටත් වේගවත් කරමින් සිටින මොහොතක වීම විශේෂත්වයක්.