
මුදල් වංචා කිරීමකට අදාල සැකකරුවන් දෙදෙනෙකු පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළා.
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද රුපියල් 6,105,600/= ක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් 1,500,000/= ක මුදලක් වංචනිකව බැර නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 30 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා වයස අවුරුදු 38 ක් වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.