
මේ දිනවල පවතින අධික උණුසුම දරා ගැනීමට නොහැකිව යාපනයේ කයිට්ස් අතුලු පළාත් කීපයක ගවයින් ක්ලාන්ත වී බිම ඇද වැටෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ තත්ත්වය මත දිනකට ගවයින් හතලිහකට පමණ ප්‍රතිකාර ලබාදීමට පශු වෛද්‍ය නිලධාරීන්ට සිදුව ඇත. ඔවුන් කියා සිටින්නේ කයිට්ස් කලාපය තුළ පශු වෛද්‍ය නිලධාරීන් තුන්දෙනෙකු පමණක් සිටින නිසා ඔවුන්ට මේ ගවයින්ට ප්‍රතිකාර කිරීමට දඩි ප්‍රායෝගික අපහසුවක් ඇති බවයි. අධික රශ්මියට මුහුණ පා සිටින නිසා ගවයින්ගේ කිරි නිෂ්පාදනය 65% කින් පමණ පහත වැටී ඇති බවත් අඩු වයසින් පැටවුන් බිහිවීමත් සිදුවන බවද කයිට්ස් කලාපයේ පශු වෛද්‍ය නිලධාරීන් කියා සිටිනවා. මේ සියලු තත්ත්වයන් මත කයිට්ස් කලාපයේ ගවයින් 13 දෙනෙකු පමණ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගොස් අති බව පෙන්වා දෙන පශු වෛද්‍ය නිලධාරීන් ගවයින්ට අධික ලෙස ජලය පානය කිරීමට ලබා දෙන ලෙසත් ගවයින් සෙවණ සහිත ගස් යට බැද තබන ලෙසත් ගවයින් අයිතිකරුවන්ට උපදෙස් දී ඇති බව සඳහන්.