ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ උප නායක ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාට අයි පී එල් ෆ්‍රැන්චයිස් සමූහයකින් ආරාධනා කළ අමරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක කොන්ත්රාතුවක් ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බවට සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබෙනවා.
අදාල අයි පී එල් කණ්ඩායම ආරාධනය කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සම්පූර්ණයෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙසයි.
මෙම යෝජනාව කරපු ඉන්දීය ෆ්‍රැන්චයිස් සමූහය ගැන නම් නිල වශයෙන් මුකුත් සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත පවසලා නෑ.
ගොඩක් දුරට ඒ සන්රයිසස් හයිද්‍රාබාද් වෙන්න පුළුවන්.