
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එම ඒකකය පැවසුවේ මේ හේතුවෙන් ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවය.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මෙම ජූලි මාසයේ වන අතර ඒ අනුව මේ මාසය තුළ ගතවූ දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබේ.
එමෙන්ම පසුගිය ජුනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී ඇත.
ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132 කි.
එමෙන්ම එහිදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වන අතර එම අගය පිළිවෙලින් 17,280ක් සහ 16,213කි.
එමෙන්ම මේ වන විට අධි අවධානම් කලාප 175ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.