
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) හරහා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (26) අලුයම 2.30ට පමණ සැකකරු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට කටාර්හි දෝහා හරහා කටාර් එයාර්වේස් QR662 ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත. රේගු නිලධාරීන් විසින් ඔහුගේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදි ඔහුගේ ගමන් ම්ලු දෙක තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ දුඹුරු පැහැති හෂීෂ් පර්සල් 80 ක් සොයාගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත බර කිලෝග්‍රෑම් 20 යි ග්‍රෑම් 117 (ග්‍රෑම් 20,117) වන අතර, එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 201.89ක් ලෙස ගණන් බලා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.