
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2045 ක් ළඟ තබා ගෙන සිටි බව කියන නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ මස්සිනා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි ඩිරෝන් නමැති තරුණයෙකි.
ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍යද සමග මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අයිස් මත්ද්‍රව්‍ය සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා බවට තොරතුරු හෙළිවිණැයි ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අත්අඩංගුවට ගත් තරුණයාට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය ගැන තොරතුරු හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. පරීක්ෂණ වලින් අනතුරුව සැකකාර තරුණයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.