
කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද (30) අලුයම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 104ක් සමග ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී මින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බඩෝවිට ප්‍රදේශයේ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව සඳහන්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.